(+94) 552222314
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sujatha Vidyalaya

බ/සුජාතා මහා විද්‍යාලය

Badulla zone

  • Register
  • Login
Sujatha Vidyalaya

බ/සුජාතා මහා විද්‍යාලය

Badulla zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
        • school map
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

බදුල්ල සුජාතා මහා විද්‍යාලය

 

ඓතිහාසික බදුලු පුරවරයේ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන බදුල්ල සුජාතා මහා විද්‍යාලය 1913 දී ආරම්භ වූ බෞද්ධ පාසලකි.ඉතිහාසයේ බාලිකාවක් ලෙස ජන හද දිනාගත් සුජාතා විදුහල 2016 වසරේ සිට සුජාතා මහා විද්‍යාලය ලෙස ලියාපදිංචි කෙරෙනු උසස් පෙළ කලා හා තාක්ෂණවේදය විෂයයන්ගෙන් ද ඉගෙනුම් අවස්ථා උදාකර දුන් 1C ශ්‍රේණියේ පාසලකි.වර්තමානයේ ප්‍රාථමික අංශයේ සිට 13 ශ්‍රේණිය දක්වා සමාන්තර පංති දෙක බැගින් පැවැත්වෙන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකි. සිසුන් දහසක් පමණ ඉගෙනුම ලබන සුජාතා මහා විද්‍යාලය ගුරුභවතුන් 64 දෙනෙකුගෙන් සමන්විත වේ.අධ්‍යාපන කටයුතු පහසු කර ගැනීම සඳහා අනධ්‍යන කාර්ය මණ්ඩළයක් ද පාසල වෙත ලැබී ඇත. අක්කර 01යි පර්චස් 05 පමණ වන භූමි ප්‍රමාණයක් වූ විදුහල් බිමේ ක්‍රීඩා පිටියක්, දෙමහල් ගොඩනැගිලි 4 ක්ද පුස්තකාලයක්, විද්‍යාගාරයක්, පරිගණකාගාර 02ක් හා ටැබ් පරිගණකාගාර යක්, උපදේශන ඒකකයක් හා කෘෂි ඒකකයක්, ගෘහවිද්‍යාගාරයක් ආදී වු විශේෂ අංග රැසකින් සමන්විත වූ , ඉගෙනුම ලබන දරුවන්ට ප්‍රීතිමත් ව ඉගෙනීමට අවකාශ සළසන සුන්දර පාසලකි.
අතිදක්ෂ ගුරුමණ්ඩළයකින් සමන්විත සුජාතා මහා විද්‍යාලය සෑම වසරකම විශිෂ්ටයන් බිහි කිරීමේ කාර්යයේ නිරත වේ. මෑත භාගයේ සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් හිමි කර ගැනීමට ද දරුවන්ට විශ්ව විද්‍යාල වරම් ලබා දීමටද A-9 සාමාර්ථ ලබා දීමටද විද්‍යාපීඨ ගුරුභවතුන් නිර්මාණය
කිරීමට ද ශිෂ්‍යභට, බාලදක්ෂ, ශිෂ්‍ය පාර්ලිමේන්තු මගින් ප්‍රජා කටයුතු සඳහා දායක වීමටද ඵලදියීතා විශේෂ කුසලතා හිමිකර ගැනීමටද හැකියාව ලබා ගත් පාසලකි. ජාත්‍යන්තරය නියෝජනය කරමින් 2018 වසරේ සතියක කාලයක් ඉන්දියාවේ චෙන්නායි හි ශ්‍රී නටේෂන් විද්‍යාසැලෙහි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත වීමට ද අවකාශ ලද සුජාතාවේ ගුරු, සිසු, දෙමව්පියන් ඉතා වාසනාවන්තය.
වාසනාවන්ත භූමියක පිහිටි සුජාතා මහා විද්‍යාලයේ දරුවන් සුජාත දරුවන් ලෙස සමාජයේ පිළිගැනීමට භාජනය වී ඇති අතර විවිධ ප්‍රජා වැඩසටහන් ලෙස වැඩිහිටි සත්කාරමය වැඩසටහන්, අසරණ සරණ වැඩසටහන්, ගිලනුන්ට උපස්ථාන කිරීමේ වැඩසටහන්, ලේ දන්දීමේ වැඩසටහන් මෙන්ම විෂය සමගාමී හා විශිෂ්ට ව්‍යවහාරයන් පාසල තුල සාර්ථකව දියත් කරන පාසලකි. අපේ ගම වැඩසටහන තුලින් ත්‍රෛයිභාෂා ක්‍රියාකාරකම්, ක්‍රීඩා තරග, සමිති සමාගම් මගින් භාෂා කුසලතා වර්ධනය කර ගැනිමට හා දරුවන්ට ප්‍රබෝධක ලබා දීමට අවස්ථාව උදා කර දී ඇත.
මෙම පාසල මේ තරම් සාර්ථකත්වයට පත්කරීම සඳහා අධ්‍යාපන බළධාරීන්, දේශපාලන අධිකාරිය, දරුවන්ගේ දෙමව්පියන් හා සමාජ ආයතන විශාල අනුග්‍රාහකත්වයක් දක්වන අතර විද්‍යාලයේ පවතින ගුරු සුභසාධක සංගමය මගින් දරුවන්ගේ සුභසාධක කටයුතු බොහොමයක් ඉටුකර දීමට නොපසුබටව කටයුතු කිරීම අගය කරමි.
විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති තුමිය, අංශ ප්‍රධාන මහත්ම මහත්මීන් අධ්‍යාපන සංවර්ධනය, විනය හා සදාචාරය ගොඩනැගීමට මහත් දායකත්වයක් ලබා දෙන අතර විද්‍යාලයට සම්පතක් හා ආශිර්වාදයක් වූ මහා සංඝරත්නය සුජාතාවට ශක්තියකි.
සුජාතාවේ දියුණුව සඳහා සැම සිත් පහන් වේවායි පතමි!

Sujatha Vidyalaya

බ/සුජාතා මහා විද්‍යාලය

Badulla zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • B/Sujatha maha vidyalaya pahala Rajaviidiya Badulla

: (+94)552222314

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Sujatha Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk