සෑම ශිෂ්‍යයෙකුම දිනපතාම සිසු අත්පොත විදුහලට රැගෙන ඒම අත්‍යවශ්‍ය වේ.
ශිෂ්‍ය ජීවිතය පිළිබඳ සියලු තොරතුරු එහි අඩංගු වන හෙයින් එය ආරක්ෂා කර
ගැනීමත්, නිසි ලෙස පවත්වා ගැනීමත් ශිෂ්‍යාගේත් දෙමව්පියන්ගේත් වැදගත්
වගකීමක් කොට සළකන්න.
යමෙක් සිසු අත්පොත නැති කර ගතහොත් ඔහු නැවත පොතක් ලබා ගත යුත්තේ
එහි අගය මෙන් දෙගුණයක් ගෙවීමෙනි. එසේම ඒ සියලු තොරතුරු ආපසු සටහනු
කරවා ගැනීමද ඔහුගේ වගකීමයි.
චරිත සහතික නිකුත් කිරීම සඳහා සෑම කෙනෙක්ම අත්පොත ඉදිරිපතු කළ යුතුවෙයි.
එසේ නොවන කල ඔබට චරිත සහතිකයක් නිකුත් නොකරනු ඇත.
අසනීපයෙන් පෙළෙන විට හෝ විදුහල්පතිගෙන් කලින් ලබා ගත් අවසරය ඇතිව හෝ
මිස අන් කිසිම කරුණක් සඳහා පාසලට නොපැමිණ නොසිටිය යුතුය. නොපැණිමට
හේතු සිසු අත්පොතේ නියමිත තීරුවේ තම භාරකරු ලවා සටහන් කරවාගෙන
ශ්‍රේණී භාර ආචාර්ය වරයාට නාම ලේඛන ලකුණු කරන අවස්ථාවේ ඉදිරිපත් කළ
යුතුය.
පාසල් කාලය තුල ළමුන්ට ගෙදර යාමට ඉඩදෙනු නොලැබේ.
විදුහලට අගෞරවයක් සිදුවන අයුරින් හැසිරෙන සිසුන්ට තදබල විනයානුකූලව දඩුවම් ලැබෙනු
ඇත.
විද්‍යාලයෙන් බැහැරදී වුවද ශිෂ්‍යයන් වෙත එල්ල වන හැසිරීම් පිළිබඳ චෝදනා ගැන
විශේෂයෙන් සොයා බලා සුදුසු පරිදි පියවර ගනු ඇත.
විද්‍යාලයෙන් බාහිර සමිති සමාගම් වල නිලතල හෝ සාමාජිකත්වය ලබා ගැනීම සපුරා තහනම්
වේ. එසේ කල යුත්තේ විදුහල්පතිගේ පූර්ණ අනුමැතිය ඇතිවය.
1 සිට 9 වසර දක්වා නිල් කොට කළිසම, අත්කොට කමිසයද (යටකර අඳින) 10 වසරේ සිට 13
වසර දක්වා සුදු කලිසම හා කමිසයද (යටකර අඳින) අනුමත කර ඇත. ශිෂ්‍යාවන් අනුමත නිල
ඇඳුම ඇඳිය යුතුය. විද්‍යාලය මෝස්තර / විලාසිතා ප්‍රදර්ශනාගාරයක් නොවන බව තරයේ සිහි
තබා ගත යුතුය
විද්‍යාලයේ ශෝභනත්වය ආරක්ෂා කර ගැනිමත් උපකරණ නිසිලෙස පරිහරණය කිරීමත්
සිසුන්ගේ වැදගත් වගකීම වේ.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි